Midnight Network මීළඟ සංවර්ධන අදියර



Midnight Network වල මීළඟ අදියර start කර ඇත. දැන් Midnight Mainnet මත Permissionless Smart Contract Deployment පහසුකම සක්‍රිය කර ඇත. මීට පෙර පැවති ආරම්භක අදියරේදී ජාලයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කරගැනීම ප්‍රමුඛතාවය වූ අතර, මේ වන විට ඕනෑම සංවර්ධකයෙකුට (Developer) අමතර Security Reviews නොමැතිව සෘජුවම Mainnet මත Smart Contracts Deploy කිරීමට හැකියාව ලැබී ඇත. 

එමෙන්ම Users ලා වෙනුවෙන් වෙනත් Contracts මඟින් Dynamically Smart Contracts Deploy කිරීමේ පහසුකමද මෙයට ඇතුළත් වේ.   

1. Ecosystem & Application Updates

  • Google Cloud Web3 Testnet Faucet: Google Cloud හි Web3 portal හරහා Midnight සඳහා වෙන්වූ Protocol පිටුවක් සහ Testnet NIGHT Faucet එකක් ලබා දී ඇත. මෙයින් Developers ලාට Testnet NIGHT Tokens සෘජුවම ලබාගත හැක.



  • Noctis Zone Private Token Launchpad: Nightforce Ambassador කෙනෙකු වන MJ විසින් Noctis Zone යෙදවුම Midnight Preprod Environment එකට Deploy කර ඇත. මෙහි ඇති DarkVeil මෙවලම මඟින් Token Sale එකක මුල් පැය 24 තුළ Automated Trading Bots වැළැක්වීම සඳහා Purchase Data සඟවයි. Zero-Knowledge (ZK) Proofs භාවිතයෙන් Wallet Addresses හෝ Transaction Amounts හෙළි නොකර සීමාවන්ට අනුකූලදැයි පරීක්ෂා කරයි. Check it out at noctis.zone/darkveil.




  • Gero Wallet Updates (v2.7.1): Midnight dApp සහාය සම්පූර්ණයෙන්ම එක් කර ඇත. Mainnet මත Shielded Balances සහ Users වෙනුවෙන් Transactions Prove කර Submit කරන Connector එකක් ඇතුළත් කර ඇත. DUST Fee Sponsorship හරහා එක Wallet එකකින් තවත් Wallet එකකට Fees ගෙවීමේ පහසුකමද ලබාදී ඇත.



  • Relay Club Pilot (Ura Labs): Ura Labs විසින් Preprod Environment හි Relay Club Pilot එක ආරම්භ කර ඇත. API එකක් හරහා Application DUST Fees Sponsor කිරීමට හැකි වන නිසා End Users ලාට DUST Hold කිරීමට අවශ්‍ය නොවේ.



  • OODA AI Integration: AI Workflows වල ආරක්ෂාව සහ Traceability වැඩිදියුණු කිරීමට OODA AI විසින් Midnight Network Security පහසුකම් එකතු කර ඇත.




  • OpenZeppelin & S&P Global: Midnight හි Smart Contract Library සකස් කරන Partner කෙනෙකු වන OpenZeppelin, S&P Global සමඟ එකඟතාවකට පැමිණ ඇත.


2. Developer Initiatives & Hackathons

Midnight Korea Hackathon 2026: ඩොලර් 6,000 ක ත්‍යාග පූල් එකක් සහිත සති 4 ක සබැඳි (Online) Hackathon තරගාවලිය සැප්තැම්බර් 28 වනදායින් අවසන් වූ අතර, ජයග්‍රාහී කණ්ඩායම් සඳහා Midnight Build Club හි සහාය හිමිවේ.


VIA Labs Cross-Chain Sprint: Cardano සහ Midnight අතර USDM Cross-Chain Transfers සිදුකිරීම සඳහා පැවැති තරගයෙන් නිර්මාණ 3 ක් ජයග්‍රහණ ලබා ගත්තේය:

  1. 1st Place – Midnight Private Invoices: ZK Proofs භාවිතයෙන් ගෙවීම් මුදල සහ ගෙවන්නාගේ Identity එක සඟවමින් On-chain Invoices පවත්වා ගනී.

  2. 2nd Place – Privoice: Invoices වෙනස් කිරීම් වැළැක්වීමේ තාක්ෂණය සහ අදාළ ගෙවන්නාට පමණක් Invoice එක Confirm කිරීමට ඉඩ සලසයි.

  3. 3rd Place – USDM Invoice Relay: Compact Smart Contract භාවිතයෙන් Merchants ලා වෙත සෘජුවම මුදල් හුවමාරු කරයි.

3. Releases & Community

Midnight Node Version 1.0.3: සියලුම Network Environments සඳහා Security Patch එකක්, Validator Memory ආරක්ෂා කිරීමට Debugging Utilities ඉවත් කිරීමක් සහ Historical Block Import Logic Updates ඇතුළත් මෙම නව Version එක නිකුත් කර ඇත.

Midnight on Medium: Midnight තාක්ෂණය, Technical Explainers සහ Ecosystem Articles ලබාගැනීම සඳහා Medium පිටුව සක්‍රිය කර ඇත.

Midnight Community එක සමඟ සම්බන්ධ වීමට සහ නවතම Update ලබාගැනීමට අපගේ Telegram චැනල් එක වෙත පිවිසෙන්න!

Comments

Popular posts from this blog

Midnight Network ගැන සිංහලෙන්ම දැනගනිමු: Web3 වලට ඇත්තටම Privacy ඕනද?